මෝටර් රථයක් මිලදී ගැනීමට උපදෙස්

Image result for maserati

ඔබට ඔබේ වාහනය විකුණාගැනීමට අවශ්‍ය නමුත් ඔබ එය කාර් සේල් එකකට රැගෙන යාමට හෝ අතරමැදියන් යොදා ගනිමින් විකිණීමට අකමැතිනම් ඔබට ඇති හොඳම විකල්පය වන්නේ නිල්මානෙල් වෙබ්සයිට් එකයි. එසේම ඔබට පාවිච්චි කරන ලද හෝ අලුත්ම අලුත් වාහනයක් ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද ඔබට නිල්මානෙල් භාවිතා කර ඉතා ඉක්මනින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක් සොයා ගත හැක. මෙම කුඩා වාර්තාවෙන් දැක්වෙන්නේ ඔබ වාහනයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු දේවල් වේ.

පර්යේෂණය කරන්න

ඔබ වාහන බලන ගමන් ඒගැන පොඩි පර්යේෂණයක්ද කරන්නේ නම් ඔබට මොනවගේ වාහනද විකුණ්න්න තියෙන්නේ, ඔබ සොයන වාහන වර්ගයට සමාන වාහන මොනවාද හා එවායේ දළ වටිනාකම ගැන හොඳ මිනුම් දණ්ඩක්ද සොයාගත හැකිවනු ඇත.

මේ මගින් ඔබට පහසුවෙන්ම මිලට සරිලන අගයක් නැති වාහන හඳුනා ගත හැක.

ප්‍රශ්ණ අසන්න

ඔබ කැමති වාහනයක් හමු වූ විට එය විකුණුම්කරුගෙන් එම වාහනය ගැන තොරතුරු විමසා ඒ පිළිබඳ මනාලෙස දැනුවත් වන්න. උදාහරණයක් ලෙස එම වාහනයේ තත්වය, එය විකිණීමට හේතුව, ඔවුන් එම වාහනය කොපමණ කාලයක් පාවිච්චි කර තිබේද වැනි දෑ ගැන දැනුවත් වන්න. වාහනයක් මිලදී ගැනීම ඉතා වැදගත් හා ඉතා මිල අධික කටයුත්තක් නිසා ඔබ මිලදී ගන්නා වාහනය පිළිබඳ හොඳින් දැන ගැනීමට විකුණුම්කරුගෙන් ප්‍රශ්ණ ඇසීමට බිය නොවන්න.

නිල්මානෙල්හි ඇති මැසේජ් පහසුකම මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබට ඔබේ ඇමතුම් අංක රහස්ව තබා ගනිමින් විකුණුම් කරුගෙන් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් නිල්මානෙල් account එකක් සාදා මැසේජ් කරන්න.

මිල සාකච්චා කර ගන්න

වාහනයක් මිලදී ගැනීමේදී එහි මිල පිළිබඳ සාකච්චා කර ගැනීම ඉතා වැදගත් මෙන්ම එය ගණුදෙනුවේ කොටසක්ද වේ. විශේෂයෙන්ම වාහනයේ මිල සාමාන්‍ය මිලට වඩා අධික නම් ඒ ගැන කතා කර ගැනීමටද, අසාධාරණ නැති මිලක් යෝජනා කිරීමටද බිය නොවන්න. මෙහිදී මීට පෙර පර්යේෂණ කරන්න කියන පියවරේදී සඳහන් කල දළ වශයෙන් මිල දැන ගැනීම බෙහෙවින් උපකාර වනු ඇත.

විකුණුම්කරුව හමුවන්න

Image result for maserati

වාහනය මිලදී ගැනීමට පෙර එය ඔබේ දෙනෙතින් දැකගන්න. එය පින්තූරයේ එකම හා එහි සඳහන් විස්තරය නිවැරදි බව ඔප්පු කර ගන්න. මේ සඳහා විකුණුම් කරු හමුවීම ඉතා වැදගත්ය. මෙම හමුව සඳහා ස්ථානයක් හා සුදුසු වේලාවක් කතා කර ගන්න. මෙයට වඩාත්ම සුදුසු ස්ථානයක් වන්නේ ඔබ දෙදෙනාටම පහසු ස්ථානයක ඇති ගැරිජ් එකකි. මන්ද එවිට ඔබට එම වාහනයේ යාන්ත්‍රික දෝෂ පිලිබඳව ඒ සඳහා මනා දැනුමක් ඇති අයෙකුගෙන් පරීක්ෂා කරගත හැක. ගනුදෙණුව කිරීමට අප නිර්දේෂ කරනුයේ පොදු ස්ථානයකදීය. මේ සඳහා තවත් අයෙකු හෝ කිහිප දෙනෙකු රැගෙන යන්න.

මුදල් ගෙවීම සෑමවිටම මුහුණට මුහුණ හමුවී කරන්න. කිසිවිටෙක ඔබ නොදන්නා කෙනෙකුට ඔබේ මුදල් transfer කරන්න එපා. එමෙන්ම වාහනයේ අයිතිය පිළිබඳ ලියකියවිලි හා විකුණුම් කරුගේ ID card number එකක් වැනි  දෙයක් ලබා ගන්න.

සැමවිටම සාමාන්‍ය දැනීම භාවිතා කරන්න

මෙය ජීවිතයේ සෑම දේ සඳහාම වැදගත් වේ. අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍යදේ මිලට ගැනීම බොහෝ විට ආරක්ෂාසහිතයි. නමුත් ඔබෙන් යම් වාසියක් ලබා ගැනීමට මාන බලනා අයද මේ අතර සිටිය හැක. එබැවින් ඔබ ඔබේ ආරක්ෂාව හා ඔබේ මුදල් මෙවැනි වංචනිකයන්ගෙන් බේරා ගැනීමට සැලකිලිමත් වන්න. ඔබට සැක කටයුතු පුද්ගලයකු හමුවූ විට අපව දැනුවත් කරන්න. එමගින් ඔබේ හා අන් අයගේ ආරක්ෂාවට අපට ගතහැකි ක්‍රියාමාර්ග ගත හැකිවේ.

නිල්මානෙල්.කොම්.එල්කේ වෙත පැමිණ ඔබේ සිහින වාහනය තෝරා ගන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s