මෝටර් රථයක් විකිණීමට උපදෙස්

Image result for tesla

වාහනයක් විකිණීමේදී බොහෝ විකුණුම් කරුවන් එම දැන්වීම පලකරනු ලබන්නේ කිසිදු සොයා බැලීමක් නොකරයි. ඔබේ වාහනය කොපමන හොඳ තත්වයේ තිබුනද එහි දැන්වීම ඉතා හොඳින් සකස් කලේ නැත්නම් එය ගැනුම් කරුවන් අතරට යෑම අවම වීමට ඉඩ ඇත. සමහර පුද්ගලයන් විකිණීමට ඉතා දක්ෂ අය වෙති. ඔබට වාහන විකිණීමට පළපුරුද්දක් නොමැතිනම් මෙම වාර්තාව කියවා ඒ ගැන ටිකක් දැනුවත් වන්න. නිල්මානෙල් එකේ ඔබේ දැන්වීම් වල මා දුටු අඩුපාඩු තැන් මේ මගින් විසිතර කර ඇත. ඔබේ වාහනය ඉතා පහසුවෙන් විකුනා ගැනීමට පහත සඳහන් දෑ ගැන විමසිලිමත් වන්න.

සමීක්ෂණයක් කරන්න

විශේෂයෙන්ම ඔබේ වාහනයේ විකුණුම් මිල ඉතා උපායශීලීව තීරණය කල යුතුය. ඔබේ වාහනයට සමාන වාහන වල මිල ඒවායේ තත්වය සමග සංසන්දනය කිරීමෙන් ඔබට ඔබේ වාහනයේ වෙළඳ පොළ මිල (market price) තීරණය කල හැකිවේ.

වාහනය පිරිසිදු කරන්න

Image result for car cleaning

මෙය ගොඩක් දෙනෙකුට විහිලුවක් මෙන් සිතුනද තම වාහනය පිරිසිදු කිරීමට උනන්දුවක් නැතිව හෝ එය පිරිසිදු කිරීමට කම්මැලි විකුණුම් කරුවන් සිටින ගණන ගැන ඔබ විශ්මිත වනු ඇත. එය පාවිච්චි කරන ලද වාහනයක් නිසා එය පිරිසිදු කිරීමට අවශ්‍ය නැතැයි කියා නොසිතා එම වාහනය ඉතා හොඳින් පිරිසිදු කරන්න. වාහනයේ පිටත මෙන්ම ඇතුලතද හොඳින් පිරිසිදු කරගන්න. විශේෂයෙන්ම ඔබ නොසිතන නමුත් නිතර ඇස ගැටෙන තැන් ඉතා හොඳින් පිරිසිදු කර ගන්න.

ඇතුලතින් ඩෑෂ් බෝඩ් එක, ග්ලව් බොක්ස් එක, සෙන්ටර් කොන්සෝල් එක, රූෆ් එක හොඳින් පිසදාගන්න. කුඩා තැන් පිරිසිදු කිරීමට පින්සලක් වැනි දෙයක් භාවිතා කල හැක. රේඩියෝවේ හෝ එන්ටටේන්මන්ට් යුනිට් එකේ තියෙන බටන්ස් අස්සේ දූවිලි තිබෙන විට එම වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බවක් ගැණුම්කරුට සිතෙන්නට ඉඩ තිබේ. එමෙන්ම වාහනයේ බිම හොඳින් වැක් කර පොලවට දමා ඇති ෆ්ලෝ මැට් හොඳින් සෝදා වේලා ගන්න.

පිටත හොඳින් සෝදා විශේෂයෙන්ම වීල්ස් වැනි වාහනයට හොඳ ලස්සන පෙනුමක් ලබා දෙන දේවල් හැකිතරම් හොඳින් සෝදා ගන්න.

කෙටියෙන් කීවොත් වාහනය අලුත් වාහනයක් සේ දිස්වෙන සේ හැකි තරම් හොඳින් පිරිසිදු කර ගන්න. මෙසේ පිරිසිදු කිරීමේ වැදගත්කම මෙය බැලීමට පැමිණෙන ගැනුම්කරුවන්ගෙන් ලැබෙන කමෙන්ට්ස් වලින් ඔබට තේරුම් යනු ඇත.

දැන්වීම සකසන්න

දැන්වීම සැකසීම සඳහා තරමක කාලයක් වැයකරන්න. වාහනය ගැන කීමට ඇති දේවල් විස්තරාත්මකව විස්තර කරන්න. එයට, ඔබ කොපමණ කාලයක් එම වාහනය පාවිච්චි කලේද, ඔබ වාහනයේ කීවෙනි අයිතිකරුද, මොන වගේ දේකටද වාහනය වැඩිපුර පාවිච්චි කලේ (උදා: රැකියාවට යාමට, ළමුන් පාසලට ගෙනයාමට, ට්‍රිප් යාමට…), ඔබ වාහනය විකිණීමට තීරණය කලේ ඇයි?, වාහනයේ ඔබ දන්නා පරිදි ඇති ප්‍රශ්ණ මොනවාද?, එහි ඇති සීරීම් හෝ තැලීම් වැනි දෑ ගැනද විස්තර කරන්න. හැකි පමණ අවංක වන්න. මෙමගින් ගැණුම් කරුවන්ට ඔබේ වාහනය හා ඔබ පිළිබඳ විශ්වාසයක් ඇතිවේ. මෙවැනි සවිස්තර දැන්වීමක් දමූ විට ඔබේ දැන්වීම ගැන එන විමසීම් ගණන ඉහල යන තරම ගැන ඔබ පුදුම වනු ඇත.

පින්තූර එකතු කරන්න

Related image

පින්තූර ඇති දැන්වීම් සඳහා වැඩි කාගේත් වැඩි අවදානයක් හිමිවේ. මේ සඳහා උසස් තත්වයේ පැහැදිලි (High Quality and clear) පින්තූර යොදා ගන්න. විවිධ කෝණවල ඡායාරූප ගොඩක් ගන්න. වාහනය ඇතුලත පින්තූරද එක් කරන්න. වාහනය ගන්නා අය තමන් එලවන්න ලැබෙන වාහනයේ ඇතුලතද දැක ගැනීමට ඉතා කැමතියි. ඔබ විස්තර කරන ලද දෙයක් පැහැදිලි කිරීමට පින්තූරද යොදා ගන්න. ඔබේ වාහනය ගැන විශේෂයෙන් ඔබ සඳහන් කරන දේවල් පින්තූර වලින් දැක ගැනීමට ගැණුම් කරුවන් ඉතා කැමතියි. උදා: ඔබේ වාහනයේ නැවිගේශන්, බොඩිකිට්ස් වැනි දේවල් මෙන්ම එහි ඇති සීරීම් වැනිදෑ ගැන ඔබ සඳහන් කලේ නම් ඒවායේ පින්තූරයක්ද ඇතුලත් කරන්න. උසස් තත්වයේ පින්තූර ඔබේ දැන්වීමට වැඩි ආකර්ශණයක්ද ලබා දේ.

පළමුව ඔබේ ඇඩ් එක නොමිලේ ඇඩ්වටයිස් කල හැකි තැන්වල දමන්න. බොහෝ වෙබ් සයිට් වල ඔබට නොමිලේ ඇඩ්වටයිස් කල හැක. එමෙන්ම ඔබට පොදුවේ පරිහරනය සඳහා සාදා ඇති නෝටිස් බෝඩ්ස් වලද ඔබේ ඇඩ් එක ප්‍රින්ට් කර අලවන්න පුලුවන. මේ සඳහා ඔබට කාලය නොමැතිනම් ඔබ සාදන ලද නිල්මානෙල් ඇඩ් එකේ ඉහලින් ඇති ප්‍රින්ටර් අයිකන් එක ක්ලික් කර එය ප්‍රින්ට් කරගත හැක. මෙසේ ඔබට නොමිලේ ඇති සේවාවන්ගෙන් එය විකුණාගත හැකි වුවහොත් ඔබට එම වාහනයෙන් වැඩි ලාබයක් ලබාගත හැකිවනු ඇත. එසේ නැතත් ඔබට එම වාහනයට එන ඔෆර්ස් සලකා බලා එය ටිකක් අඩු මිලකට වුවත් ඉක්මනින් විකුණා ගත හැක. තවද ඔබ වටා සිටින සැම දෙනාම එය පිලිබඳ දැනුවත් කරන්න. එමෙන්ම ඔබේ වාහනයේද එම වාහනය විකිණීමට ඇත යනුවෙන් දැන්වීමක් අලවන්න. එම දැන්වීමේ යම් ස්ථානයක එම වාහනය ගැන වැඩි විස්තර බලා ගත හැකි වෙබ්සයිට් එකක ලින්ක් එකත් යොදන්න. උදා: නිල්මානෙල් එකේ ඔබ ඇඩ්වටයිස් කර ඇත්නම් Ad ID (RFXXXXX) එක හා http://www.nilmanle.com.lk යන්න එහි ඇතුලත් කරන්න.

දැන්වීම ගැන අවධානයෙන් ඉන්න

සැමවිටම ඔබ පලකරන ලද දැන්වීම පිලිබඳ අවදානයෙන් ඉන්න. නිතර ඔබේ ඊ-මේල්, මැසේජස් චෙක් කරන්න. ෆෝන් එක රිං වෙනවාද යන්න නිතරම අවදානයෙන් ඉන්න. ඔබට ගැණුම් කරුවෙකු කතා කළ විට ඉතා ඕනෑකමින් ඔවුන්ට කථා කරන්න. මිස් කෝල් එකක් හෝ මැසේජ් එකක් ඇවිත් තිබෙනු දුටු විට ක්ෂණිකව පිලිතුරු යවන්න. නිල්මානෙල් ඇප් එක ඩ්වුන්ලෝඩ් කර ගත්විට ඔබට ගැණුම් කරුවන්ගේ මැසේජස් වලට ක්ෂණිකව පිළිතුරු ලබා දිය හැක.

ගැණුම්කරුවන් මුණගැසෙන්න

මේ සඳහා හැකිතරම් පොදු ස්ථාන තෝරා ගන්න. ගැණුම්කරු හමුවීමට කිසිවිටෙක තනිව නොයන්න. ඔබේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානයෙන් සිටින්න.සමවිටම ඔබේ වාහනය ටෙස්ට් ඩ්‍රයිව් සඳහා යාමට ඉල්ලූවිට ඔබ ඔහුව රැගෙන ගොස් පෙන්වන්න. කිසිවිටෙක ඔබේ වාහනය කිසිදු ID එකක් නොමැතිව කිසිවෙකුට රැගෙන යාමට ඉඩ නොදෙන්න.

නිල්මානෙල් .කොම්.එල්කේ වෙත පැමිණ ඔබේ දැන්වීම නොමිලේ විකිණෙනකන්ම පලකර ගන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s